28.8 C
Colombo
Saturday, April 5, 2025

ප්‍රංශ ජනපතිට කම්මුල් පහරක් (වීඩියෝ)

- Advertisement -

ප්‍රංශයේ ගිණිකොන ප්‍රදේශයේ නිල සංචාරයක් සඳහා සහභාගී වූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ගේ මුහුණට පුද්ගලයකු පහර දී තිබේ.

එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ජාලයන්හි වේගයෙන් සංසරණය වන්නේය.වැලෙන්ස් නගරයෙන් පිටත ටේන් එල් හර්මිටේජ් හි මිනිසුන් රැස්වූ ස්ථානයකට පැමිණෙන ජනාධිපතිවරයා ආරක්ෂකයින් සමඟ මිනිසුන් අසලට යන අතර එක් පුද්ගලයකු මෙහිදී ජනාධිපතිවරයාගේ මුහුණටම ප්‍රහාරයක් එල්ල කරන ආකාරය එම වීඩියෝවෙහි සටහන් වී තිබේ.

කොළ පැහැති ටී ෂර්ටයකින් සැරසුණු පුද්ගලයෙක් ජනාධිපතිවරයාට මෙසේ පහර දෙන අතර ක්ෂණිකව ක්‍රියාත්මක වන ආරක්ෂක නිලධාරීන් ජනාධිපතිවරයා එම පුද්ගලයාගෙන් ඉවතට ඇද ගනී.

සිදුවීමෙන් අනතුරුව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.පහර එල්ල කළ මිනිසාගේ අනන්‍යතාවය සහ චේතනාව තවමත් පැහැදිලි නැත.

සුළු මොහොතකට පසු ජනාධිපතිවරයා නැවත ජනතාව අතරට පැමිණ සුහද කතාබහක නිරත වූ බව පැවසේ.රාජ්‍ය නායකයින් ගණනාවක් මෙම පහරදීම පිළිබඳ සංවේගය ප්‍රකාශ කර තිබේ.

ඊට අදාළ දර්ශන පහතින්,

https://fb.watch/602hzMHyuH/

RECENT ARTICLES - SINHALA

“දේශපාලන පළිගැනීම් කතාවලට අල්ලස් කොමිසම ගාවගන්න එපා”

වත්මන් ආණ්ඩුව තුළ සිටින ඇතැම් ඉහල නිලධාරීන්ට එරෙහිව ඉතා ඉක්මනින් නඩු පවරන බව අල්ලස්ස දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා. එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්, හිටපු මහාධිකරණ...

ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (04) දින දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ කුරුණෑගල, වව්නියාව සහ...

POPULAR ARTICLES