30 C
Colombo
Thursday, December 19, 2024

මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුලතිව් වෙරළට

- Advertisement -

මියන්මාර ජාතිකයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් අද (19) මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ තිබෙනවා.

මුලතිව්, නාවික හමුදාව හා පොලීසිය පවසන්නේ මෙම යාත්‍රාවේ 100කට අධික පිරිසක් රැදී සිට ඇති බවයි.

මෙම පිරිස අතර දරුවන් 25කට ආසන්න පිරිසක් සිටින බව අනාවරණය වී තිබෙනවා.

ඔවුන් සරණාගතයින් ලෙස මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට බහුදින යාත්‍රාවකින් රැගෙන යමින් සිටියදී එලෙස මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව තවදුරටත් වාර්තා වෙනවා.

පොලිසිය හා නාවික හමුදාව පවසන්නේ යාත්‍රාවේ සිටින පිරිස වෙත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ජලය ලබාදීම නාවික හමුදාව විසින් සිදුකරනු ලබන බවයි.

එමෙන්ම, යාත්‍රාව සහ මගීන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් ද යන්න සම්බන්ධයෙන් සලකා බලන බව ආරක්ෂක අංශ තවදුරටත් දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අජාන් ගාර්දිය පුංචිහේවා යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...

සුදුවෑන් වලින් මිනිසුන් උස්සා, කිඹුල්ලුන්ට කන්න දාපු කතාව ඇත්ත කියා CID නිලධාරීන් පිළිගත්තා –...

රාජපක්ෂ පාලන සමයේ සුදු වෑන් මගින් පැහැරගත් පුද්ගලයින් මරා, අතුණු බහන් කොටස් ඉවත් කර, මළසිරුරු කිඹුලන්ට කන්න දැමු කතාව සත්‍යයක් ලෙස තහවුරු වී ඇතැයි...

ජනාධිපති සමාව ලබාගත් කෙනා සොයා මෙහෙයුම්

රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටියදී ජනාධිපති සමාව ලබා දීමෙන් අනතුරුව රටින් පළා ගොස් සිටින ජූඩ් ශාමන්ත ජයමහ නමැත්තා මේ...

POPULAR ARTICLES