27.7 C
Colombo
Tuesday, April 8, 2025

එප්පාවල නිවසක් ඉදිරිපිට එල්ලෙන මළ සිරුරක්

- Advertisement -

එප්පාවල පොලිස් වසමේ කටියාව ගම්මානයේ නිවසක් ඉදිරිපිට පිහිටි අඹගසක වයරක් හා ලණුවක් ආධාරයෙන් එල්ලෙමින් තිබෙන පුද්ගලයකුගේ මළ සිරුරක්  සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය අද (11) පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩී.කේ තේවාහාමි නම් 81 එක් හැවිරිදි පුද්ගලයෙක්.

තමා පදිංචි නිවස ඉදිරිපිට, ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි රූස්ස අඹ ගසක, කපා දැමුණු අත්තක කොටසකට වයරයක් හා ළණු කැබැල්ලක් දමා මෙම පුද්ගලයා ගෙල වැලලාගෙන ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසුවේ අද උදෑසන 7.30 ට පමණ මොහු මෙලෙස සිය දිවි නසා ගෙන ඇති අතර ඔහු යම් යම් අසනීප තත්වයන්ගෙන් පෙලුන බවයි.

මිය ගිය පුද්ගලයා සිය දිවි නසා ගැනීමට සම්බන්ධ හේතුවක් නොදන්නා බවද ඔවුන් පවසනවා.

ඔවුන් තවදුරටත් සඳහන් කළේ අද උදෑසනද මෙම පුද්ගලයා නිවසේ සිට ඇති අතර ඔහු නිවස ඉදිරිපිට ගසක ගෙල වැලලාගෙන සිටින බවට ප්‍රදේශවාසියකු කළ දැනුම්දීමක් මත එම සිදුවීම දුටු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

චාමරට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩුව...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා. ඊයේ එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණේ, ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දී දුම්රය...

දෙවුන්දර වෙඩිතැබීමට අදාළ වෙඩික්කරු මාට්ටු

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (07) එම...

POPULAR ARTICLES