Huawei සමාගම විසින් සැප්තැම්බර් 10 වැනිදා සිය නව නිෂ්පාදන එලිදක්වන බව එහි පාරිභෝගික කණ්ඩායම් ප්‍රධානියා වන Richard Yu ජනප්‍රිය චීන සමාජ මාධ්‍ය ජාලාවක් වන Weibo හි ඔහු ඉඟි පල කර තිබෙනවා.
අභ්‍යන්තර වාර්තාවන්ට අනුව Huawei විසින් දෙවරක් නැමිය හැකි ලොව පළමු ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
එලෙසම ඔවුන් සිය නව විදුලි වාහනයද එදින එලිදැකිවීමට නියමිත බවද තවදුරටත් සඳහන්.
මෙම නව දුරකථනය “ට්‍රයිෆෝල්ඩ්” ලෙස හැඳින්විය හැකි අතර එය දෙවරක් නැමීමට ඉඩ සලසන සරනේරු දෙකක් ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙය සාක්කුවේ දැමිය හැකි ටැබ්ලට් වර්ගයේ පරිගනයක් ලෙස හදුන්වාදිය හැකි අතර අවුරුදු 5ක් තිස්සේ මෙය ක්‍රමයෙන් වැඩි දියුණු කරමින් පැමිණි බව Richard Yu පවසනවා
ඇපල් සමාගම විසින් iPhone 16 එලිදැක්වීමෙන් පැය කිහිපයකට පසුව Huawei සමාගම විසින් මෙම නිශ්පාදන ඉදිරිපත් කිරීම, සෘජුවම ඇපල් සමාගමට තරගයක් දීම සඳහා වන බවට විචාරකයන් පවසනවා.
Huawei විසින් සිය Mate 60 දුරකථන මාලාව මගින් චීන වෙළඳපොලේ ප්‍රබල පුනරාගමනයක් සිදුකල අතර එමගින් රටේ හොඳම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයින් පස් දෙනාගෙන් ඇපල් ඉවතට තල්ලු කිරීමටද සමත්වුණා.
තවද Huawei විසින් එහි Aito M9 නම් විදුළි වාහනයේ නව අනුවාදයක් ද මෙම උලෙලෙදී එලිදැක්විය හැකි අතර, ආසන හයක් වෙනුවට එහි ආසන පහක් ඇතුළත්.
මෙම SUV රථය Huawei සහ Seres මෝටර් රථ සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් බව පැවසෙනවා.
ට්‍රයිෆෝල්ඩ් ස්මාර්ට් ජංගම දුරකථනය සහ Aito M9 වැනි නව නිෂ්පාදන දියත් කිරීම මගින් Huawei ස්මාර්ට්ෆෝන් සහ විද්‍යුත් වාහන වෙළඳපල යන දෙකෙහිම තම ස්ථානය ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.