26 C
Colombo
Friday, October 18, 2024

බස් රථයක් පෙරළී හයදෙනෙකු රෝහලේ

- Advertisement -

කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේදී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස්රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් 06 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව පුනරීන් පොලීසිය පවසනවා.

මුලතිව් වට්ට්‍රාපලෙයි කෝවිලේ පැවති වර්ෂික දේව මෙහෙයක් වෙනුවෙන් යාපනයේ සිට පෞද්ගලික බස්රථයකින් පැමිණ දේව මෙහෙය අවසන් වීමෙන් පසුව නැවත යාපනය බලා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක් තිබෙනවා.

බස්රථය අධික වේගයෙන් ගමන් කිරීමෙන් රියදුරුට වේගය පාලනය කරගැනීමට නෙහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටිනවා.

බස්රථය පෙරලීමෙන් එහි ගමන්ගත් මගීන් 6 දෙනෙකු තුවාල ලබා පුනරීන් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් කිලිනොච්චිය රෝහලට මාරු කොට යවා ඇති අතර පුනරීන් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

ජනපති ගැන අසත්‍ය පුවතක්

වැලිකඩ බන්ධනාගාරය පිළිබඳ අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා කරුණු දක්වා තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...