පානදුර බොල්ගොඩ ගඟේ බෝට්ටු පදිමින් සිටි පුද්ගලයකු දියේ ගිලි අතුරුදන් වී තිබෙනවා.
එම ප්‍රදේශයේ දූපතක සිටින පුද්ගලයින්ට ගමන් කිරීමට යොදවා ඇති පාලම් පාරුවේ කඹේ පැටලී එම පුද්ගලයා දියට වැටී ඇති බවට වාර්තා වෙනවා.
අද (25) උදෑසන 11ට පමණ එම අනතුර සිදුව තිබූ අතර මෙලෙස දියේ ගිලි අතුරුදන් වී ඇත්තේ පානදුර දිග්ගල ශ්‍රියා මාවතේ පදිංචිව සිටි 42 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.
එම පුද්ගලයා “jet ski boat” වර්ගයේ බෝට්ටුවක් පදිමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ව්‍යාපාරිකයා විනෝදාංශයක් ලෙස බෝට්ටු පැදීම සිදුකරන බවත් සෑම දිනකම ඔහු බෝට්ටු පැදීමට පුරුදුව සිටි බවත්ය.
එම පුද්ගලයාගේ ඥාතින් කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහු සිය නිවසේ තනිවම වාසය කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.