27 C
Colombo
Thursday, January 2, 2025

තිදරු මවක් මාස 6ක් තිස්සේ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සිටි ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

- Advertisement -

29 හැවිරිදි තිදරු මවක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගත් බවට පැවසෙන මාළු ව්‍යාපාරිකයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ නිවසකදී සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා මාස 06ක පමණ කාලයක් මෙම තිදරු මවට තර්ජන ගර්ජනවලට ලක්ව එම නිවසේ රැඳී සිට ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඇය එම ස්ථානයෙන් පලා ගියහොත් සැමියා හා දරුවන් මරා දමන බව සහ නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවද නිතර තර්ජනය කළ බව එම කාන්තාව පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඊට අමතරව ඇයගේ කොණ්ඩය කපා දමමින් පිහි පෙන්වා විවධ හිරහැරවලට ලක්වූ බවද ඇය පොලීසිය වෙත ලබාදුන් ප්‍රකාශයේ සටහන්ව ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම තිදරු මව අවස්ථා ගණනාවකදී පොලිස් ස්ථාන රැසකට පැමිණිලි කලද ඉන් කිසිඳු සාධාරණයක් ඉටු වී තිබුණේ නැහැ.

පසුව ඇය දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට පැමිණිලි කිරීමෙන් පසු අදාල විමර්ශන මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී වරුනී කේශලා බෝගහවත්ත මහත්මිය වෙත භාර දී තිබුණා.

ඒ අනුව එම කාර්යාංශයේ ස්ථානාධිපතිනී ඇතුළු කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන සැකකරුගේ නිවස පරික්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී අදාල කාන්තාවට තර්ජනය කිරීමට යොදා ගත් බව කියන මාලු කපන පිහි 05 ක් හා කිනිස්සක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තවද ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ කර පටිගත කර තිබු ජංගම දුරකතනය හා මෙමරි කාඩ් පත ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය කියා සිටියේ එම ජංගම දුරකතනය තුල සැකකරු බාල වයස්කාර දැරියක් දූෂණය කරන වීඩියෝ දර්ශන ද ඇතුලත් වී තිබු බවයි.

36 හැවිරිදි සැකකරු අදාළ තිදරු මවගේ ඥාති මාමා කෙනෙක් බවට මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙට වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පවතින වැසි තත්වයේ තාවකාලික අඩු වීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ...

උතුරු මැද පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැන චෝදනාවක්

2024 වර්ෂයේ තුන්වැනි වාර පරීක්ෂණයට අදාළව උතුරු මැද පළාතේ පාසල් දරුවන් සදහා ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පත්‍ර සමාජ මාධ්‍යයේ සංසරණය වන බව...

කම්කරු අමාත්‍යාංශයෙන් විශේෂ වට්ස්ඇප් අංකයක්

ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශය විශේෂ වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබෙනවා. 070 722 787 7 යන අංකය මගින්...

POPULAR ARTICLES