මෙරටේ ඉදි කරන ලද පළමු කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අද (29) ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
ඒ අනුව, අම්බුළුවාව සංචාරක කලාපය සඳහා කේබල් කාර් ඉදි කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක මුදලක් ආයෝජනය කර ඇති අතර, චයිනා මැෂින් බිල්ඩින් ඉන්ටර්නැෂනල් සමාගම විසින් අදාළ ගිවිසුමට අත්සන් කර තිබෙන බව සඳහන් වනවා.