25.4 C
Colombo
Friday, November 22, 2024

සජබෙන් මහ මැතිවරණයට තරග කළ අපේක්ෂකයෙක් ජීවිතක්ෂයට

- Advertisement -

මෙවර යාපනය දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය යටතේ මහ මැතිවරණයට තරග කළ ප්‍රධාන අපේක්ෂකයා වන අලගසුන්දර කිරුබා කරන් යාපනය ශික්ෂණ රෝහලේදී ඊයේ (20) මියගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 44 හැවිරිදි වියේ පසුවුණා.

ඔහු එම පක්ෂයේ යාපනය සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ අතර ඔහු යාපනයේ ඉතා සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ද වන බවයි වාර්තා වන්නේ.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවද වාර්තා වුණා.

මෙවර සමගි ජන බලවේගයෙන් යාපනය දිස්ත්‍රික්කයට ඔහු තරග කළ නමුත් ජයග්‍රහණය කිරීමට නොහැකි වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උණුසුම් තත්වයක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සහ මධ්‍යස්ථානයට අඹ විකිණීමට පැමිණෙන වෙළෙන්දන් අතර අද (21) උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත නව...

අලුත්වැඩියා කරමින් තිබූ පාලමක් කඩාවැටී පුද්ගලයෙක් මරුට

ගාල්ල, නාගොඩ බද්දේගම මාර්ගයේ ගිං ගඟ හරහා ඇති යකඩ පාලමක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයෙකු අද (21) සවස එම පාලම කඩාවැටී මියගොස් තිබෙනවා. පාලමේ මැද...

‘හිරු’ ආයතනය බොරු කීම ගැන පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්

0
පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් පලකල හිරු ආයතනය පිළිබදව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදන් වන්නේ අද දින...

POPULAR ARTICLES