වාද්දුව, පොතුපිටිය ගාලු පාර අයිනේ ගාල්කර තිබූ මෝටර් රථයක් සම්පූර්ණයෙන් ම ගිනිගෙන විනාශ වූ බව වාද්දුව පොලීසිය පවසනවා.
කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ භටයින් සිව්දෙනෙකු පැමිණ ගින්න පාලනය කර තිබුණා.
වාහනයේ කාර්මික දෝෂයක් හේතුවෙන් එම ගින්න ඇති වන්නට ඇති බවයි සඳහන් වන්නේ.