26 C
Colombo
Saturday, September 28, 2024

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව නඩුවක්

- Advertisement -

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩුවක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඔවුන් අධිකරණයට දැනුම් දී ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී වැලි ජාවාරමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කරන බවයි.

මාදම්පේ ප්‍රදේශයේ අක්කර දෙසීයක පමණ  භූමි භාගයක සිදුවන නීති විරෝධි සිලිකා ජාවාරම තුළින් ඇතිවන පාරිසරික විනාශයන් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.

එම පෙත්සම ඉකුත් ජූලි මස 15 වැනිදා කැඳවූ අවස්ථාවේදී  අදාළ කැණීම් සිදුවන ප්‍රදේශයේ දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම නියෝගය උල්ලංඝනය කරමින් වැලි කැණීමේ බලපත්‍ර හතරක් අලුතින් නිකුත් කර ඇති  අතර ඒ තුළින් ඔහු අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර තිබුණා.

ඒ අනුව, අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්නම් ඊළඟ නඩු දිනයට පෙර ඊට අදාළ ලේඛන ගොනු කිරීමට පියවර ගන්නා ලෙස එහිදි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

E- Visa ගාස්තුව නොසිතූ ගානකින් පහළට

වීසා නිකුත් කිරීම යළිත් පැරණි ක්‍රමවේදයට ක්‍රියාත්මක කිරීමත් සමඟ ඊ-වීසා නිකුත් කිරීම සඳහා අය කරන ගාස්තුව ඩොලර් 1.25 දක්වා අඩු වී තිබෙනවා. එය මින් පෙර...

කාලගුණයෙන් ජනතාවට හදිසි නිවේදනයක් 

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (27) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන...

මහ මැතිවරණයේ ඇප මුදල් තැන්පත් කළ යුත්තේ මෙහෙමයි

2024 මහ මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාශය සඳහා තෝරා පත් කරගැනීමට නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සහ නාම යෝජනා පත්‍රයක් මඟින් යෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව හා...

POPULAR ARTICLES

හොරු අල්ලන්න ආපු විජිත (Photo)

0
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ(25) කොළඹ චීන තානාපති කාර්යාලය විසින් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදාට (30) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු සඳහන්...

සාමාන්‍ය පෙළ කළ සිසුන්ට සුබ ආරංචියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ අනුව,...