31 C
Colombo
Saturday, December 28, 2024

ගෝඨාභයට එරෙහිව බදියුදීන්ගෙන් නඩුවක්

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

ඊයේ ( 01) පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන් චෝදනා කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා එක්ව තමන්ව වසර 5ක් සිරගත කර තැබීමට තම දේශපාලන වාසි තකා සැලසුම් කර ඇති බවයි.

තමාට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම විෂය පථය යටතේ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කළ නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ නිසා තමාට එරෙහිව පවරා ඇති සියලුම නඩුවලින් තමා නිදහස් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව තමන්ව වැරදි ලෙස රඳවා තබා ගැනීමට එරෙහිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලුම නිලධාරීන්ට එරෙහිව ලබන සතියේ නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළා.

නඩුව පවරා එම පුද්ගලයන්ගෙන් වන්දි ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ - මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට...

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට

0
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ මහතා බවට News...

POPULAR ARTICLES

කෝලිට හූ කියලා

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි දැඩි අවධානයකට...

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ...