25 C
Colombo
Friday, December 27, 2024

චමුදිතට නඩුවක්..!

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් හිරු මාධ්‍ය ආයතනය අයත් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පුද්ගලික සමාගමට හා එහි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම යන අයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොණු කර තිබෙනවා.

රාජකාරීමය වශයෙන් පොලිස් සේවය තුළ කීර්තිනාමයක් දිනා සිටි තමන් වෙත පසුගිය වසරේ ඔක්තෝම්බර් 19 වැනි දින ”පත්තරේ විස්තරේ” රූපවාහිනී වැඩසටහන හරහා අපහාසයක් වන අයුරින් හිරු නාලිකාව සහ විත්තිකර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කටයුතු කර ඇති බවයි එයින් පැවසෙන්නේ.

එම වැඩසටහනෙන් විකාශය කළ පරිදි ක්‍රියාවක් තමන් විසින් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවයි ශානි අබේසේකර මහතා සිය පැමිණිල්ල මඟින් පවසන්නේ.

තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්තව අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වකවානුවේ හෝ වෘත්තීය ජීවිතය තුළ කිසිදු විටක දේශපාලන අතකොළුවක් බවට පත්ව කටයුතු කර නොමැති බවයි වැඩිදුරටත් කරුණු දක්වමින් ශානි අබේසේකර මහතා පවසන්නේ.

සියලු රාජකාරී කටයුතු නිසි ක්‍රියාපටිපාටිය තුළ මෙහෙයවා ඇති අතර තනතුර අවභාවිත කරමින් කිසිදු පුද්ගලයෙකුට එරෙහිව ද්වේශසහගතව නඩු පවරා නොමැති බවත් අබේසේකර මහතා සිය පැමිණිල්ල මඟින් පවසා සිටිනවා.

ඒ අනුව තමන් සම්බන්ධයෙන් ද්වේශ සහගතව අපහාසාත්මකව විත්තිකරුවන් කටයුතු කර තිබෙන බව අබේසේකර මහතා අවධාරණය කර සිටියි.

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙකුව සිටි ශානි අබේසේකර මහතා රට කැලඹු අපරාධ ගණනාවක් විසඳීමට සක්‍රීයව විමර්ශන මෙහෙයවා ඇති නිලධාරියෙකි.


RECENT ARTICLES - SINHALA

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...

අර්චුනා ආයෙත් වලියක් දාගෙන

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවු බවට වාර්තා...

මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න විශේෂ වැඩපිළිවෙලක් – එරංග ගුණසේකර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ...

POPULAR ARTICLES

Breaking: මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා උපත ලැබූ ආචාර්ය මන්මෝහන් සිං මියයන විට 92 වැනි වියේ පසුවුණා  ඉන්දියාවේ...

වසර 250කට පසු අමෙරිකාව නිල වශයෙන් නම් කල ජාතික පක්ෂියා

වසර 250කට පසු අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කර තිබෙනවා. ඒ අනුව ජනපති බයිඩ්න් අමෙරිකාවේ නිල පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට රාජාලියා නම්...

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...