මාතර පරෙවි දූපතේ කඩා වැටුණු වැල් පාලම වෙනුවට අලුතින් ඉදිකෙරුණු තාවකාලික පාලම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) විවෘත කෙරුණා.
මෙම තාවකාලික පාලම විවෘත කිරීම සඳහා යුද හමුදාවෙන් උත්සවයක්ද සංවිධානය කර තිබුණා.
මූලික වශයෙන් ලයිට් කණු ආධාරයෙන් නිර්මාණය කර ඇති මෙම පාලම මාස 06 කින් පසුව ඉවත් කිරීමට නියමිතයි.
එම කාලය තුළ පරවි දූපතට ගමන් කිරීම සඳහා ස්ථිර පාලමක් නිර්මාණය කරන බව රජය සඳහන් කරනවා.