24 C
Colombo
Thursday, November 7, 2024

සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ වල වෙනසක්

- Advertisement -

අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකුව පෙන්වා දෙන්නේ අගෝස්තු මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 577ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 556 දක්වා අඩු වී ඇති බවයි.

කෙසේවෙතත් 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

මේ වසරේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩව විදේශ සේවා නියුක්තිකයන්ගේ මාසික ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා.

මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 181 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ කාලය තුළ සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2,348ක් බවයි.

RECENT ARTICLES - SINHALA

සඳුදා දිනෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්

මෙවර මහමැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක් පමණයි. මෙවර...

තැපැල් ඡන්ද සලකුණු කිරීමට විශේෂ දවස් දෙකක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙහි තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වන විශේෂ දින දෙක අදින් (07) ආරම්භ වනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ...

කුණු ප්‍රශ්නෙට විසඳුම කොරියවෙන්

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...