ඊයේ දිනට සාපේක්ෂව අද (27) ශ්රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මහජන බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙළින් රුපියල් 304.99 හා රුපියල් 305.23 ක් දක්වා සහ රුපියල් 315.62 සිට රු. 315.87 පහළ ගොස් තිබුණා.
කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 304.77ක් වන අතර, විකුණුම් අනුපාතය රුපියල් 314.75ක් වනවා.
මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 305.50 සිට රුපියල් 306.50 දක්වාත් විකුණුම් අනුපාතය රුපියල් 314.50 සිට රුපියල් 315.50 දක්වාත් පහළ ගොස් තිබුණා.