26.5 C
Colombo
Wednesday, January 1, 2025

පාසල් පැවැත්වෙන ක්‍රමයේ වෙනසක්

- Advertisement -

2025 වසරේ රජයේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම, පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාදවීම හේතුවෙන්.

මීට පෙර වසරකට රජයේ පාසල් පැවැත්වූ දින ගණන 210ක්.

කෙසේ වෙතත් 2025 වසරේදී රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම, පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාදවීම හේතුවෙන් පාසල් පැවැත්වෙන දින ගණන අඩු කර ඇති බව සඳහන් වනවා.

රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා මීට පෙර දින 210ක් පාසල් පවත්වනු ලැබුවා.

මීට අමතරව 2025 සඳහා වන රජයේ නිවාඩු දින 26න් සති අන්තයේ ඇත්තේ හතරක් පමණක් වනවා.

සෙසු සියලු නිවාඩු දිනයන් සතියේ දිනවල යෙදී ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් දින 210ක් පාසල් පැවැත්වීමට නොහැකි වනු ඇති.

මේ අතර 2025 වසර සඳහා වන පළමු පාසල් වාරය ජනවාරි මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම 2024 වසරේ තෙවන පාසල් වාරය ජනවාරි දෙවැනිදා සිට ජනවාරි 24 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

නීති විරෝධීව එකලස් කළ වාහන 8ක් මාතලෙන් හමුවෙයි

වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සමත් වුණා. එහිදී එම ජාවාරමේ නිරත පුද්ගලයෙකු ජාලගත...

කොටස් වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ යෑමක්

2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබෙනවා. එය 2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16ක්...

මත්පැන් වර්ගයක් අසාත්මික වී තරුණයෙක් මරුට

අලුත් අවුරුදු උදාව සමරමින්  සාදයකට සහභාගී වී සිටි තරුණයින් දෙදෙනෙකු භාවිතා කළ මත් වර්ගයකින් හටගත් අසාත්මිකතාවයක් හේතුවෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කහතුඩුව...

POPULAR ARTICLES

නීති විරෝධීව එකලස් කළ වාහන 8ක් මාතලෙන් හමුවෙයි

වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සමත් වුණා. එහිදී එම ජාවාරමේ නිරත පුද්ගලයෙකු ජාලගත...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් අනතුරක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී කුඩා ගුවන්යානයක් මුහුදට කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එහි ගුවන් නියමුවා ලෙස කටයුතු...

කොටස් වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ යෑමක්

2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබෙනවා. එය 2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16ක්...