26.1 C
Colombo
Thursday, December 12, 2024

කාලගුණයේ වෙනසක්

- Advertisement -

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට සෙමින් ගමන් කරමින්, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු,උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණතරමක් තද වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබෙනවා.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම, සබරගමුව, දකුණ, සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වගා හානිවලට ලක්ෂයක වන්දි දෙන්න තීරණයක්

ආපදාවලට ලක්වූ ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත්...

ඉන්දීය මහ කොමසාරිස් සහ බලශක්ති ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර පසුගියදා (10) බලශක්ති අමාත්‍යංශයේදී හමුවක් සිදුව තිබෙනවා. රජයේ බලශක්ති...

හඳුනා නොගත් වෛරසයෙන් මියගිය ගණන ඉහළට

දින කිහිපයක සිට උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හඳුනා නොගත් වෛරසයෙන් මියගිය ගණන ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙම උණ රෝගය...

POPULAR ARTICLES

වගා හානිවලට ලක්ෂයක වන්දි දෙන්න තීරණයක්

ආපදාවලට ලක්වූ ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත්...

ලංකා T10 සුපර් ලීගයේ තරඟ පාවාදීමක්?

මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (11) ආරම්භ වූ ‘ලංකා ටී10 සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට තරග මුදලට...

ඊලෝන් මස්ක් ධනවතුන් ලැයිස්තුවේ පෙරමුණට

ඩොලර් බිලියන 400ක වත්කමක් ඉක්මවා යන වත්කමක් හිමි ලොව පළමු ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ඊලෝන් මස්ක් සමත්ව ඇති බව බ්ලූම්බර්ග් වෙඩ් අඩවිය වාර්තා කරනවා....