29 C
Colombo
Saturday, October 26, 2024

නිවසක් තුළ සිටි දරුවෙකුට විදුලිසැර වැදී මරුට

- Advertisement -

අත්තනගල්ල – අලවල ප්‍රදේශයේ සිය නිවස තුළ සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 06ක පමණ කුඩා දරුවකු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, අත්තනගල්ල – අලවල ප්‍රදේශයේ පදිංචිව සිටි තේජාන් දිනුවර නමැති 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙක්.

ඊයේ (25) දහවල් කාලයේදී මෙම අනතුර සිදුවී ඇති අතර මියගිය දරුවා විදුලි සෙල්ලම් උපකරණ ගලවමින් සහ සවිකරමින් සෙල්ලම් කිරීමට නිරන්තරයෙන් ඇල්මක් දැක්වූ දරුවෙකු බව වාර්තා වනවා.

දරුවාට විදුලිසැර වදින අවස්ථාවේ මව සහ පියා නිවසේ වෙනත් කාර්යයක නිරතවී සිට ඇති අතර දරුවා ශීතකරණය අසල වැටී සිටින අයුරු දැක වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

කොට්ටාවේදී වෑන් රථයක් ගිනි අරන්

කොට්ටාව - මහරගම පරණ පාරේ කොට්ටාව ආසන්නයේදී අද (26) වෑන් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. අදාළ වෑන් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම ගිනි...

ඇල්පිටියේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණා. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා සඳහන් කළේ, අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය...

ඇල්පිටිය ඡන්දෙ ප්‍රතිඵල දෙන්නේ මෙහෙමයි

ඇල්පිටිය මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානයේදීම ගණන් කිරීමේ කටයුතු ද සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. ඔහු පැවසුවේ, එම ගණන් කිරීමෙන් පසු...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

Update: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති...