29 C
Colombo
Tuesday, April 22, 2025

කාමරයක සිරකල දරුවෙකු බිමට පැනීමෙන් තුවාල ලබා රෝහලට

- Advertisement -

‍කෙසෙල්වත්ත, පීර්සයිබු වීදීයේ නිවසක දෙවන මහලෙන් පහළට පැන දරුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයන් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 12 හැවිරිදි දරුවා මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

අදාළ දරුවා පසුගිය 13වන දින සිය නිවස ආසන්නයේ පදිංචි තවත් ළමුන් දෙදෙනෙකු සමග වෙළෙඳසැලකට ගොස් ඇති අතර එම වෙළෙඳසැල අසල පිහිටි තෙමහල් නිවසක ගේට්ටුවට තට්ටු කර තිබෙනවා.

එහිදී එම නිවසේ පදිංචි පුද්ගලයෙකු දරුවා බලහත්කාරයෙන් නිවස තුළට ඔසවාගෙන ගොස් දෙවන මහලේ කාමරයකට දමා සිරකර ඇති අතර එහිදී බියට පත්වූ දරුවා එම කාමරයේ ජනේලයක් විවෘත කර බිමට පැන ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙන්නේ.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඊට ආධාර අනුබල දුන් 59 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කෙසෙල්වත්ත පොලීසිය පවසනවා.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට දැන් ටොම් පචයා කියන ලේබලේ වැදිලා – සජිත්

වත්මන් ආණ්ඩුව කට ඇරියොත් ප්‍රකාශ කරන්නේ බොරුවක් බවත්, ඒ හේතුවෙන්ම ‘ටොම් පචයා’ නැමති ලේබලය වැදී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අනුරට පොරොන්දුවක්

ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා ඉහළම තලයකට ඔසවා තැබීමේදී බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව...

සුළඟ හමන දිශාව 06 වෙනිදා හවසට බලන්න – සාගර

මැයි 06 වන දින සවස් කාලයේදී සුළඟ හමන දිශාව ගැන කුමක්ද යන්න මෙරට ජනතාවට අවබෝධ කරගත හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ...

POPULAR ARTICLES