26 C
Colombo
Sunday, December 15, 2024

හිටපු බැංකු ප්‍රධානියෙකුට එරෙහිව CID විමර්ශනයක්

- Advertisement -

අත්‍යවශ්‍ය උපකරණයක් බව පවසා කිසිදු ප්‍රතිඵලයක් නැති විද්‍යුත් ස්විචයක් මිල දී ගැනීමෙන් හිටපු රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙකු හා එහි නිලධාරියෙකු එක්ව සිදු කළ ඩොලර් මිලියන 5ක විශාල මුදල් වංචාවක් සම්බන්ධව විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

එම බැංකුවේ ඩිජිටල් ක්‍රියාවලිය සාර්ථක කිරීම සඳහා ඉතාමත් අවශ්‍ය යැයි පෙන්වා දෙමින් මෙම විද්‍යුත් උපකරණය මිල දී ගැනීමට තීරණය කර තිබෙන්නේ 2021-2022 වර්ෂවල බැංකුව බරපතළ මුදල් අර්බුදයක සිරවී තිබූ අවස්ථාවේදීයි.

වහා මිල දී ගන්නා ලද මෙම විද්‍යුත් උපකරණය 2024 වර්ෂය අවසාන වන තුරු ම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති අතර බැංකුවේ ඉදිරි ක්‍රියාවලියට එයින් කිසිදු බාධාවක් ද පැමිණ නැහැ.

අවිධිමත් ලෙස ප්‍රදානය කළ ඉහත ටෙන්ඩරය ලබාගත් රුසියානු සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කළ තැනැත්තා මෙම වංචනික ක්‍රියාව සඳහා එවකට සිටි ජනාධිපති මාණ්ඩලික ප්‍රධානියාගේ ද සහාය ලබා ගත් බව හෙළි වී තිබෙනවා.

මෙම කණ්ඩායම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඒත්තු ගන්වා තිබෙන්නේ ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු කටයුතු වර්ධනය කොට ඉදිරියට ගෙන යෑමට මෙම උපකරණය අත්‍යවශ්‍ය වන බවයි.

තෙමසක් ඇතුළත මෙම විද්‍යුත් උපකරණය සේවයට එක් නොකළහොත් සමස්ත විද්‍යුත් අරමුදල් හුවමාරු කටයුතු සහ කළමනාකරණ පද්ධතිය සම්පූර්ණයෙන් ම අක්‍රිය වී බැංකුව වසා දැමීමට සිදුවන බවද මෙම කණ්ඩායම අවධාරණය කර තිබෙනවා.

ඉතා සතුටුදායක මුදල් තත්ත්වයක් පැවැති වකවානුවක කරන ලද මෙම මහා වංචාව පිළිබඳව වහාම විමර්ශනය කිරීමට ආණ්ඩුව උපදෙස් ලබාදී ඇති බව වැඩිදුරටත් වාර්තාවනවා.

RECENT ARTICLES - SINHALA

කැලිෆෝනියාවට ටොනේඩෝ අවදානමක්

කැලිෆෝනියාවේ - සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැයට කිලෝමීටර 96 ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් නගරයේ...

සිරීපාදේ වන්දනා කරන්න නීති මාලාවක්

ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (14) උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ වුණා. ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල පුරාණ ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රථිමාව...

ලංවිම ණය බර බිලියන 289.4ක්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය සහ ව්‍යාපෘති ණය වශයෙන් මෙම වර්ෂයේ ජූනි මස අවසානය වන විට රුපියල් බිලියන 289.4ක මුදලක් ගෙවීමට තිබූ...

POPULAR ARTICLES