ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
පොලිස් මාධය කොට්ඨාසය පවසන්නේ, දැනට ක්‍රියාත්මක ප්‍රජා පොලිස් සංකල්පය, කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි ක්‍රමවේද යවත්කාලීන කරමින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.
ශ්‍රී ලංකා පොලීසියේ දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා මහජන සහයෝගය ඉතා අත්‍යවශ්‍ය වූවක් බවත් රටට අනන්‍ය ආරක්ෂක සැලැස්මක් තුලින් මහජනයා ආරක්ෂා කිරීම සඳහා අපරාධ පාලනය හා කළමනාකරණය ඔස්සේ සමාජ සංහිදියාව පෝෂණය කිරීමේ ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙවරට මහජනයාගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කර තිබෙනවා.
මේ සඳහා තාරුණ්‍ය සතු නිර්මාණශීලිත්වය, අධිෂ්ඨාන ශක්තිය, නව දැනුම හා මහජනයා වෙත ඉක්මනින් ප්‍රවේශවීමේ හැකියාව වැනි අංග දායක කරගත යුතු අතර එමඟින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස මහජන සහභාගිත්වය සක්‍රීය ලෙස ලබා ගැනීම සඳහා නව ප්‍රවේශයක් වශයෙන් ග්‍රාම නිලධාරි වසම් 14,022 ක් ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටුවා ඒ සඳහා පොලිස් නිලධරයන් අනුයුක්ත කරනු ලබනවා.
මෙම කමිටුවේ ප්‍රධාන කාර්ය භාර්ය වනුයේ ප්‍රධාන අරමුණු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීම බව එම නිවේදනයේ සඳහන් වනවා.
කමිටුව අවම වශයෙන් මසකට වරක් රැස්වන අතර එහිදි, ඉහත සඳහන් මූලික අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් සකස් කර ගැනීමත් වගකීම් පැවරීමත් කමිටුවේ වගකීමක් වනු ඇති.
මෙම කමිටුව සඳහා සේවයේ නියුතු විශ්‍රාමික රාජ්‍යය නිලධරයන්, විශ්‍රාමික පොලිස් නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පොලිස් වසමේ පිහිටුවා ඇති සමිති සමාගම් වල නියෝජිතයින්, යෞවන හා ක්‍රීඩා සමාජ සාමාජිකයින් තෝරාගනු ලබන අතර ඔවුන් පසුබිම් පරීක්ෂණයකට යටත් කරනු ලබනවා.
මෙම කමිටුවේ සාමාජිකයින්ගේ ධූර කාලය වසර 03 ක් වන අතර කමිටුව පිහිටුවීම සඳහා අදාළ පොලිස් වසමට අයත් ප්‍රාදේශීය ලේකම් හා ප්‍රදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිගේ මඟ පෙන්වීම හා දායකත්වය මෙන්ම සුදුසු ආගමික නායකයින්ගේ අනුශාසකත්වයත් ලබා ගනු ලබනවා.
සෑම පොලිස් වසමකටම අයත් ග්‍රාම නිලධාරී වසම් භාරව පොලිස් නිලධාරියෙකු පත් කරන අතර මෙම මහජන ආරක්ෂක කමිටුවේ කැඳවුම්කරු ලෙස එම පොලිස් නිලධාරියා කටයුතු කරනු ලබනවා.
පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සෑම මසකම තම වසමට අයත් මහජන ආරක්ෂක කමිටු වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාලෝචන රැස්වීමක් පැවැත්විය යුතු අතර දිස්ත්‍රික්කය භාර සහකාර පොලිස් අධිකාරිවරයා මාස 02 කට වරක් සමාලෝචන රැස්වීමක් පවත්වනු ලබනවා.
කොට්ඨාස භාර නිලධාරින් විසින් මෙම කමිටුවේ පිහිටුවීම ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අහඹු ලෙස පරීක්ෂාවට ලක් කරන අතර කාර්ය සාධනය වැඩි කරවීම සඳහා උපාය මාර්ග සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් කමිටු වල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම තුලින් අපරාධ කළමනාකරණය, මහජන විශ්වාසය ගොඩනැගී ඇතිද යන්න විශ්ලේෂණය කරනු ලබනවා.