26 C
Colombo
Sunday, October 6, 2024

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

- Advertisement -

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා.

මෙසේ විවෘත කර ඇත්තේ ආර්. ඒ. ද මෙල් මාවතේ සිට අරලිය ගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා දිවෙන මාර්ගයයි.

 2005 වසරේදී ආරක්ෂක හේතුන් මත මෙම මාර්ගය වසා තැබුණා.

කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි පොලිසිය විසින් මෙම මාර්ගය විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා.

මාර්ගය විවෘත කිරීමත් සමඟ මෙම ප්‍රදේශයේ වාහන තදබදය අවම වී මහජනතාවට පහසුව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

RECENT ARTICLES - SINHALA

මහ ඡන්දෙට පොහොට්ටුවක් නැද්ද?

ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත්, අවශ්‍ය වුවහොත් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණේ වෙනසක් කළ හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...

කිඹුලෙක් සපා කෑමෙන් පුද්ගලයෙක් මරුට

ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේ මොර ඔයෙන් එගොඩවීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ. මරණකරු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ පසුගියදා (04) සවස් කාලයේ...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....