26 C
Colombo
Friday, October 25, 2024

ඖෂධ ගැන එල්ලවන චෝදනා සොයන්න කෙහෙලියගෙන් කමිටුවක්

- Advertisement -

ඖෂධ පිළිබඳව විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන චෝදනා ඇතුළු කරුණු සම්බන්ධයෙන් කඩිනමින් සොයා බැලීම සඳහා ස්වාධීන විශේෂඥ විද්වත් කමිටුවක් පත් කරන බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

‍අමාත්‍යවරයා සඳහන් කළේ, එම කමිටුව විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත බවයි.

යම් ඖෂධයක් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ දෙයක් සම්බන්ධයෙන් ඉදිරිපත්වන ගැටලු පිළිබඳව නව කමිටුව මගින් ස්වාධීන විමර්ශනයක් සිදුකර කඩිනම් පියවර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කරන බවත් ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

මේ අතර ඖෂධවල ප්‍රමිතිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට අපේක්ෂා කරන බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...