30 C
Colombo
Thursday, November 14, 2024

තානාපති කාර්යාලවල පත්කිරීම් ගැන හොයන්න කමිටුවක්

- Advertisement -

විදේශවල පිහිටි මෙරට තානාපති කාර්යාලවලට කම්කරු සුබසාධන නිලධාරීන් පත් කිරීමේදී ඔවුන් තොරාගත් ආකාරය නිවැරදිදැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.

කම්කරු අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය කාලයේ සිදු කළ එම පත් කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

ඔවුන් ඒ සඳහා තොරා ගැනීම විනිවිදභාවයකින් සිදු නොවූ බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රැඳී සිටින මැදපෙරදිග කලාපීය රටවල් ජපානය හා දකුණු කොරියාව වැනි රටවල් ගණනවක පිහිටි තානාපති කාර්යාල සඳහා කම්කරු සුබසාධන නිලධාරීන් පත් කර ඇත්තේ එම රටවල සිටින මෙරට ශ්‍රමිකයින්ගේ ගැටලු විසඳීම සඳහායි.

එහෙත් එම නිලධාරීන් පත් කිරීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට කරුණු වාර්තා වන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අදාළ විමර්ශනයෙන් හෙළිවන කරුණු පදනම් කර ගනිමින් තානාපති කාර්යාලවල සිටින කම්කරු නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව ද කම්කරු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කෙරේ

දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි...

අපේක්ෂක රුව සහිත පෝස්කාඩ් සමඟ අයෙක් අත්අඩංගුවට

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් සමග පුද්ගලයෙකු දම්ගස්වැව ප්‍රදේශයේදි අද (14)දින...

හිතුමතේට ඡන්ද ප්‍රතිඵල කිව්වොත් වැඩ වරදී

පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙශරහි තිබු මහජන විශ්වාසය බිඳ...

POPULAR ARTICLES