30 C
Colombo
Sunday, January 26, 2025

ඇමතිට එරෙහි වුන ප්‍රාදේශීය ලේකම්වරියට බිලියනයක වන්දි නඩුවක්

- Advertisement -

උඩපළාත ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි ජයරත්න තමන් වෙත අපහාස කිරීම නිසා ඇගෙන් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු පවරන බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා.

පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධ කරුණු පැහැදිලි කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසා සිටියේ මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා මහනුවර නගර සභාවේ දේශපාලන පක්ෂයක ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බවයි.

තමන්ට හෝ තම පවුලේ කිසිම අයෙකුට අයත් නැති ගොඩනැගිල්ලක තමාගේ නම සඳහන් කරමින් නෙරපීමේ දැන්වීමක් ප්‍රාදේශීය ලේකම්වරිය අලවා තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.

උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයේ ඉඩමක් අත්පත් කරගෙන සංස්කෘතික මධ්‍යස්ථානයක් සහ තවත් ඉදිකිරීම් කරමින් ඉන් ලබන ආදායම පෞද්ගලික පරිහරණය කළ අධිකරණ රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතාට එරෙහි ජයරත්න මහත්මිය විසින් නිත්‍යානුකූල පියවර ගනු ලැබුවා.

මෙලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ ප්‍රාදේශීය ලේකම්වරියට ත්‍යාගයක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා විසින් පසුගියදා පියවර ගෙන තිබුණා.


RECENT ARTICLES - SINHALA

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 33ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අද (26) අලුයම තලෙයිමන්නාරමට උතුරින් වූ...

ධීවරයින්ට සුබ ආරංචියක්

ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ඒ සදහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකගතාවය පළකර...

ගංවතුරට හසුවී දෙදෙනෙක් අතුරුදන්

වාලච්චේන, පුලිපංචිකල් ප්‍රදේශයේදී ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා. ඊයේ (25) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා. එලෙස අතුරුදහන්වී ඇත්තේ...

POPULAR ARTICLES

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 33ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අද (26) අලුයම තලෙයිමන්නාරමට උතුරින් වූ...

අපේ අතේ කුණු නෑ, අපේ අතේ ලේ නෑ – නාමල්

යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ මර්දන කමිටුවෙන් වැටුප් ලබාගෙන ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයා අද වනවිට පොලිස් භාර ඇමතිවරයා බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා...

ධීවරයින්ට සුබ ආරංචියක්

ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ඒ සදහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකගතාවය පළකර...