26.5 C
Colombo
Thursday, November 14, 2024

වේදිකා නාට්‍යයකට එරෙහිව මැ.කො.ට පැමිණිල්ලක්

- Advertisement -

උදේසිරි වික්‍රමරත්න මහතා විසින් නිර්මාණය කරන ලද දේශපාලන ප්‍රහසන වේදිකා නාට්‍යයක් වන ගරු කටානායකතුමනි නාට්‍යය මැතිවරණ නිහඩ කාලයේ රංග ගතකිරීමට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයකු විසිනුයි මෙම පැමිණිල්ල කර ඇත්තේ.

මෙම නාට්‍යය තුළ විවිධ දේශපාලඥයින්ගේ අනුරූප රංග ගතවන බවත් විවිධ නම් සහ එම නම් හැගවෙන පරිදි විවිධ රංගනයන් ඉදිරිපත් කෙරෙන බවටත් එනිසා මෙම නාට්‍යය මැතිවරණ නිහඩ කාලය ආරම්භවූ ඉකුත් 11 වැනිදා සිට ඡන්දය ප්‍රකාශ කරන දිනය අවසන්වන තුරු රංග ගතකිරීම අත්හිටුවන ලෙසත් එම පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඡන්ද විමසීම ආරම්භ වෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. උදෑසනම...

ගල්කිස්සේ වෙඩි තැබීමක් : පුද්ගලයෙක් මරුට

ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී අද (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ 03වන අදියර, බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩිතැබීමෙන්...

කොළඹ කොටස් වෙළදපොළේ වාර්තාගත වෙනසක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගිය අතර ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගියා. මීට පෙර...

POPULAR ARTICLES