28 C
Colombo
Sunday, September 15, 2024

අනුරව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පැමිණිල්ලක්

- Advertisement -

ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන වෙනුවෙන් සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ, 2007 වසරේ සිට තොරතුරු වසන් කර රාජ්‍ය දේපළ අවභාවිත කරන බවට චෝදනා කරමින්.

ඒ අනුව, අනුව කුමාර දිසානායක මහතා නීතිය ඉදිරියට පමුණුවන ලෙස ඉල්ලමින් එම මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය වෙනුවෙන් දර්ශන තන්ත්‍රිගේ ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය දේපල අවභාවිත කරන බවට එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා විසින් පිළිගෙන ඇති බවද එම සංවිධානය පෙන්වා දෙනවා.

ඒ අනුව,  දීර්ඝ කාලයක් තිස්සේ කරන මෙම අවභාවිතාව හේතුවෙන් පොදු දේපළ පනත යටතේ අනුර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ද එම පැමිණිල්ල මඟින් මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සමාජ මාධ්‍යය සඳහා මැතිවරණ කොමිසමෙන් විශේෂ වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, මැතිවරණ කොමිසම පවසනවා. නිහඬ කාලසීමාවේ...

තරුණියන් දෙදෙනෙක් දියේ ගසාගෙන ගිහින්

නාඋල, බෝවතැන්න ජලාශයේ සොරොව්ව විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් මොරගොල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් තිබෙනවා. කෙසේ...

ඡන්ද කාඩ් නොලැබුණු අයට දැනුම්දීමක්

ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුනු පුද්ගලයින්ට, ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත...

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...