කල්පිටිය – සේතාවාඩිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගැනීම සදහා මෙරටට පැමිණි ඉතාලි සංචාරකයෙකු, කාමරයක් මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමෙන් අනතුරුව එහි පැමිණ අදාළ හෝටලය වසර 05 ක් පුරාවට වසා දමා ඇති බවට දැන ගැනීමෙන් පසු පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවය පත් වූ බවයි මෙම සංචාරකයා කල්පිටිය පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ.
සංචාරක කාමර වෙන්කර ගත හැකි වෙබ් අඩවිය හරහා මොහු මෙම හෝටලය තෝරා ගෙන ඇති අතර, අත්තිකාරම් ලෙස රුපියල් 72,000 ක මුදලක් මාර්ගගත ක්‍රමයට ගෙවීමට ද කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු හෝටලය වෙත පැමිණ පරික්ෂා කිරීමේදී එය වසර 05 ක් තිස්සේ වසා දමා ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.