28 C
Colombo
Tuesday, September 17, 2024

රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්ගෙන් පොලීසියට පැමිණිල්ලක්

- Advertisement -

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර් මහතා ලිදුල පොලිසියට (06) දින පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තමන්ට හිමිකම් ඔප්පුවකින් අයත් නිවස හැටන් වැවිලි සමාගමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට ලබාදිම නිත්‍යානුකූල නොවන බව පවසමින්.

1985 වසරේ තමන් එම වතුයායේ සේවය කරන අවස්ථාවේ ලබාදුන් නිල නිවසට යාබදව පිහිටි විශාල ඉඩමක් තම මව විසින් තමන් වෙත ලබාදුන් බවත්, එම ඉඩමට 2015 වසරේ හිමිකම් ඔප්පුවක්ද ලබාගෙන ඇති බවත්, රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා විසින් කර ඇති පැමිණිල්ලේ සටහන් කර තිබෙනවා.

අධිකරණය මගින් වතු සමාගමට භාර දියයුතු ඉඩම නොව ඊට යාබදව පිහිටි වෙනත් ඉඩමක් ලබා දි ඇති බවයි ඔහු පවසන්නේ.

ඒ මහතා පවසන්නේ, තමන් නිවසේ නොසිටි අවස්ථාවේ නිවසේ දොරගුළු කඩා ඇතුල් වි ඇති වතු පාලන අධිකාරිය සහ නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඇතුළු නිලධාරින් පිරිසක් තමන්ට අයිති නිවස එම වතුයායේ පාලන අධිකාරියට භාරදුන් නියෝගය ඉඩමේ මායිම් පිලිබදව අවබෝධයකින් තොරව මුළු ඉඩමම සහ එම ඉඩමේ පිහිටි සියළුම ගොඩනැගිලි භාර දිම නිවැරදි නොවන බවයි.

ඒ පිලිබදව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පවසමින් අරවින්ද් කුමාර් මහතා විසින් කර ඇති පැමිණිල්ලේ වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාට පොලිසියේ නිලධාරින් පවසා ඇත්තේ, අධිකරණ කිහිපයකින් ලබාදුන් නියෝගයක් සම්බන්ධයෙන් පොලිසියට කිසිවක් සිදු කිරිමට නොහැකි බවත්, ඒ සදහා අවශ්‍ය නිති උපදෙස් ලබාගෙන අවශ්‍ය ඉදිරි නිතිමය කටයුතු කරන ලෙසටයි.

ඉකුත් (05) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතුළු නිලධාරින් පිරිසක් ලිදුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි අරවින්ද් කුමාර් මහතාට වතු සමාගම විසින් නිල නිවස වශයෙන් ලබා දි තිබුණු නිවසේ ඒ මහතාට අයත් යැයි කියන සියළුම පෞද්ගලික බඩු බාහිරාදිය ලැයිස්තු ගත කර එම වතුයායේ පාලන අධිකාරිය වෙත භාර දි තිබුණා.

අනතුරුව වතු පාලන අධිකාරිය විසින් එම භාණ්ඩ වතුයායේ වෙනත් ගොඩනැගිල්ලක ආරක්ෂිතව තබා එම ගොඩනැගිල්ලට මුරකරුවන්ද යොදා ගැනීමට පියවර ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...