28 C
Colombo
Thursday, December 19, 2024

ශිෂ්‍යත්ව විභාගයේ විමර්ශනවල රහසිගත වාර්තාවක් අධිකරණයට

- Advertisement -

ඉකුත්දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල සවිස්තර රහසිගත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය විසින් එම වාර්තාව අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම සිද්ධිය පිළිබඳව සිදුකළ පරීක්ෂණවල සවිස්තර රහසිගත වාර්තාවක් අද පෙරවරු 9.00 පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත නියෝග කර තිබුණා.

ඒ අනුවයි මෙම වාර්තාව භාරදීම සිදු කර තිබෙන්නේ.

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම තුළින් තමන්ට අසාධාරණයක් සිදුවූ බව සඳහන් කරමින් එම විභාගයට සහභාගි වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පිළිබඳ විභාගය ඊයේ දින අවසන් කෙරුණා.

එහි තීන්දුව මේ මස 31 වැනිදා ප්‍රකාශ කරන බව අදාළ පෙත්සම් විභාග කළ යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ දින නියෝග කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක්, ගමනාන්තය අවසන්කර අංගනය වෙත ධාවනය කිරීමේ දී රඹුක්කන දුම්රිය ස්ථානයේ දී අද (19) සවස පිලීපැනීමකට ලක්ව...

මම ආණ්ඩුව කළේ මෙහෙම – රනිල්

විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑමවිටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා. විපක්‍ෂයක් සාමාන්‍යයෙන්...

බලපත්‍ර සහිත ගිනිඅවි ගැන දැනුම් දිමක්

මේ දක්වා භාරනොදුන් හා විගණනයට ඉදිරිපත් නොකළ සියලු බලපත්‍ර සහිත ගිනිඅවි 2025 ජනවාරි 20 වන දිනට පෙර භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දන්වා සිටිනවා. සිවිල් පුරවැසියන්ට...

POPULAR ARTICLES