30 C
Colombo
Sunday, April 27, 2025

එක්ස්ප්‍රස් පර්ල් ගැන රහසිගත වාර්තාවක් නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට

- Advertisement -

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරටට හිමි විය යුතු වන්දි අය කර ගැනීමේ කටයුතුවලදී එම වන්දි ගෙවීමට සම්බන්ධ විදේශීය රක්ෂණ සමාගමක් විසින් කිසියම් පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 250 මුදලක් අල්ලස් වශයෙන් ලබා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති විමර්ශන වලට රහසිගත වාර්තාවක් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එම නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත් වූවන්ට වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පරිසරය ධීවර ප්‍රජාව ඇතුළු පිරිසක් විසින් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින් රහසිගත කවරයක බහා මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

මෙම පෙත්සම් අද අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලැබුවා.

මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න ඇතුළු නීතිඥවරු දක්වමින් මෙම නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව මෙරටට අය විය යුතු වන්දි මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලියේදී විදේශීය රක්ෂණ සමාගමක් විසින් යම් පුද්ගලයකුට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබා දී ඇති බවට අනාවරණය වී ඇති කරුණු පිළිබඳ විමර්ශනය කරන ලෙස එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දී තිබුණා.

මීට අදාළව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබු බවත් නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කළා.

මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම වෙත ද පැමිණිලි ඉදිරිපත් වී තිබෙන බවත් නඩු විභාගයේදී කරුණු අනාවරණය වුණා.

එම කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම කරුණු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශනවලට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර නියෝග කර තිබුණා.

ඒ අනුවයි මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ.

අද පෙත්සම් විභාගය පැවැති අවස්ථාවේදී සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපතින දර්ශනී ලහඳපුර මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන බ්‍රහස්පතින්දා දක්වා කල් දැමුවා.

RECENT ARTICLES - SINHALA

කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක්

පෑලියගොඩ පොලිස් වසමේ කලු පාලම ආසන්නයේ කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (26) උදෑසන කාලයේදී මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ, පෑලියගොඩ පොලීසියට...

අන්තරේ කැඳවුම්කරු, රවී කුමුදේශ් ඇතුළු 4කට අධිකරණයෙන් තහනමක්

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට ඊට සහභාගී නොවන ලෙසට බලපෑම් කිරීම සඳහා අද (27) විරෝධතාවයක් පැවැත්වීමට...

දිවයිනේ පළමු තැන හිමිකරගත් උසස් පෙළ විශිෂ්ටයින් මෙන්න

2024 උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් මේ වන විට වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු තැන...

POPULAR ARTICLES

ඉරාන වරායේ පිපිරීමෙන් මියගිය පිරිස ඉහළට 

ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී පිහිටි ෂාහීන් රාජී වරායේ සිදුවූ පිපිරීමේ මේ දක්වා පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම...

කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක්

පෑලියගොඩ පොලිස් වසමේ කලු පාලම ආසන්නයේ කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (26) උදෑසන කාලයේදී මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ, පෑලියගොඩ පොලීසියට...

අන්තරේ කැඳවුම්කරු, රවී කුමුදේශ් ඇතුළු 4කට අධිකරණයෙන් තහනමක්

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට ඊට සහභාගී නොවන ලෙසට බලපෑම් කිරීම සඳහා අද (27) විරෝධතාවයක් පැවැත්වීමට...