මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශය විසින් “මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති” යනුවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය *‘අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති’ ලෙස නිවැරදි විය යුතු බවට නිවේදනය කරමින් ඉල්ලා සිටියා.
ඒ අනුව නව විනිසුරුවරුන් දෙදෙනෙක් පත් කර ඇත්තේ අභියාචනාධිකරණයටයි.
නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙලෙස අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් වුණා.
ඔවුන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.