30 C
Colombo
Sunday, February 23, 2025

අදානි ගිවිසුම ගැන අධිකරණ තීන්දුවක්

- Advertisement -

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් මැයි මස 23 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (16) නියෝග කළා.

ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති  සංඛ චන්දිම අභයවර්ධන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එම්.යූ.බී.  කරලියද්ද මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. 

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැදගත් නඩුකර කිහිපයක් ලබන මාර්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවයි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. 

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 23 වන කැඳවන ලෙස නියම කෙරුණා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත

2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව "වෙරිටේ රිසර්ච්" සිදුකරන ගැලප් ශෛලියේ 'රට හිතන හැටි'...

ගැසට් වුන සංශෝධිත පනත් කෙටුම්පත් දෙක

සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පත සහ සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් මගින්...

රුසියාවෙන්  යුක්‍රේනයට ප්‍රහාර මාලාවක්

රුසියාව විසින් යුක්‍රේනයේ ප්‍රදේශ රැසක් වෙත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සිදුකර තිබෙනවා. ඊයේ (22) රාත්‍රී කාලයේ එල්ල කළ අදාළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත

2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව "වෙරිටේ රිසර්ච්" සිදුකරන ගැලප් ශෛලියේ 'රට හිතන හැටි'...

මුදල් අමාත්‍යංශයේ වාහන අතුරුදන්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා ලද තොරතුරුවලට අනුව මුදල් අමාත්‍යංශය නමින් ලියාපදිංචිකර ඇති වාහන 257න් වාහන 176 භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකිවි ඇති බව...

ගැසට් වුන සංශෝධිත පනත් කෙටුම්පත් දෙක

සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පත සහ සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් මගින්...