කළුතර බෝධි පරිශ්රයේ බුදුමැදුර තුළ තිබී හිටපු විදුහල්පතිවරයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ අද (31) දහවල් කාලයේදී මෙම මළසිරුර සොයාගත් බවයි.
කළුතර උතුර ප්රදේශයේ පදිංචිව සිටී අර්ල් මර්වින් මෙන්ඩිස් නමැති 72 හැවිරිදි විශ්රාමික විදුහල්පතිවරයෙකු වූ එක්දරු පියෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
මියගොස් ඇති තැනැත්තා බුදුන් වැඳීම සඳහා නිතර කළුතර බෝධි පරිශ්රයට පැමිණෙන පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.