29 C
Colombo
Tuesday, January 21, 2025

මන්ත්‍රී වාහන ගැන තීරණයක්

- Advertisement -

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබාදීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇති බවට රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පැවසු බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

ඔහු පවසා ඇත්තේ, රජයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබාදීම වෙනුවට ඔවුන් භාවිතා කරන පෞද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක් ලබා දීමට රජය මේ වන විට තීරණය කර ඇති බවයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබා දීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම හේතුවෙන් රජය එම තීරණය ආපසු හරවා ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.

කෙසේ නමුත් අමාත්‍යාංශ රාජකාරී කටයුතු සඳහා අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නිල වාහනයක් ලබා දීමට රජය ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක වන බවයි එම නිලධාරියා සඳහන් කළේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම නිල වාහනයක් ලබාදීමට රජය ගත් තීරණයට විරුද්ධ පක්ෂයෙන්ද දැඩි විවේචන එල්ල වූ අතර තමන් ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිල වාහනයට සමාන වාහනයක් ඉල්ලා සිටින බව ඇතැම් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කළා.

තමන් තේරී පත්වූ මැතිවරණ බල ප්‍රදේශයට රාජකාරී කටයුතු සඳහා ගමන් කිරීමට වාහනයක් අවශ්‍ය බැවින් රජය ලබාදීමට තීරණය කර තිබූ නිල වාහනය ලබා ගැනීමට කැමති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර තිබුණා.

මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය රජයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබා දුන් තීරු බදු රහිතව වාහනයක් ආනයනය කිරීමේ බලපත්‍රය මෙම රජය මගින් ලබා නොදෙන බවයි.

සෑම වසර පහකට වරක් ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ඉදිරිපත් වුවත් මෙවර එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම අමාත්‍යවරුන් සඳහා නව වාහන ආනයනය නොකරන බවද ඔහු එහිදී පවසා තිබෙනවා.

මේ අතර මීට පෙර අමාත්‍යවරුන් සහ විවිධ අමාත්‍යාංශ භාවිතා කළ නඩත්තු කිරීමට අධික මුදලක් වැය වන v8 වර්ගයේ මෝටර් රථ 228ක් වෙන්දේසි කිරීමට පියවර ගන්නා බවත් එවැනි v8 වර්ගයේ මෝටර් රථ රජය භාවිතය සඳහා ඉදිරියේදී ආනයනය නොකරන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා.

V8 වර්ගයේ මෝටර් රථ වෙනුවට දැරිය හැකි අඩු මිල ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුත් මෝටර් රථ ආනයනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුමැතිය

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ මාර්ග...

අල්ලස් ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටි පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබා ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....

මන්ත්‍රිට ඇමතිගේ කණගාටුව

මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට යැවූ ලිපියක් කච්චේරියේ නිලධාරීන් බාර නොගැනීමෙන් සමගි ජන බලවේගයේ නිශාන් කාරියප්පර් මන්ත්‍රීවරයාට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළ කරන බව රාජ්‍ය පරිපාලන...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ගින්නෙන් 10 දෙනෙක් මරුට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එහිදි තවත් පුද්ගලයින් 32දෙනෙකු  තුවාල ලබා රෝහල් ගත කර...

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුමැතිය

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ මාර්ග...

අල්ලස් ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටි පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබා ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....