27 C
Colombo
Monday, December 2, 2024

නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන තීරණයක්

- Advertisement -

මාලඹේ  නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට විධිමත්ව පවරා ගනිමින් සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් එය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.  

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ‍ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සඳහා පුහුණුව ලබාදීමට අවශ්‍ය පහසුකම් සහ සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  මහතාගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

ඒ සදහා වූ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය  හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගැනීම සඳහා පහුගිය ආණ්ඩු විසින් යෝජනා කර තිබුණත් මේ වන විටත් එම රෝහලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය අවම මට්ටමක පවතින බවයි.

“   නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට විධිමත්ව පවරා ගෙන වෛද්‍ය කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යොමු කරලා සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරලා සංවර්ධන වැඩපිළිවෙළක් සකස් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළත් කණ්ඩායමට භාර දීලා තියෙනවා, ඒ වාර්තාව දෙසැම්බර් වන විට ලැබෙන්න නියමිතයි, ඒ අනුව, නෙවිල් ප්‍රනාන්දු රෝහල විශේෂ මොඩලයක් යටතේ සංවර්ධනය කිරීමටත් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන් සඳහා ආචාර්ය ඒකකය සහිත ශික්ෂණ රෝහලක් බවට නාගොඩ රෝහල සංවර්ධනය කිරිමටත් එකඟතාවයකට පැමිණුනා”

RECENT ARTICLES - SINHALA

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්න

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්...

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් තියලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා. ඉදිරි මාසවලදී සහල්...

POPULAR ARTICLES