ලබන වසරේ (2026) ආරම්භයේ සිට විභාග පැවැත්වීමටත් පාසල් වාරය ද සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ඇය පවසන්නේ, 2026 වර්ෂය ආරම්භයේ සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග සැලැස්ම පෙර පැවති පරිදි සාමාන්‍ය තත්වයට පත් කර ගැනීමට හැකියාව පවතින බවයි.
එමෙන්ම 2020 වර්ෂය සිට ඇති වූ කොවිඩ් 19 තත්වය, 2021 2022 තුළ ඇතිවුණු ආර්ථික අර්බුදය, සමාජ අර්බුද සහ ඉන්ධන හිඟය සමග ඇති වූ ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් පාසල් වර්ෂ අදාළ වර්ෂ ඉක්මවා තිබුණත් 2025 පාසල් වර්ෂය සඳහා දින 181 ක විෂය නිර්දේශ ආවරණයට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් මෙම වසරේ දෙසැම්බර් මාසයේදීම පාසල් කාලය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් හරිනි අමරසූරිය මෙනෙවිය වැඩිදුරටත් පැවසුවා.