දෝෂාභියෝගයක් හේතුවෙන් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය විසින් අනුමැතිය ලබාදී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු විසින් පසුගිය දෙසැම්බර් 3 වැනිදා යුධ නීතිය පැනවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ගෙන ආ දෝෂාභියෝගයකින් පරාජයට පත්වීමෙන් පසු සිය ධුරය අහිමි වුණා.
ජනපතිගේ රාජකාරී අත්හිටුවීමෙන් අනතුරුව එරට අග්‍රාමාත්‍යවරයා, වැඩබලන ජනපති ලෙස පත් කෙරුණු නමුත් ඔහුට එරෙහිව ද විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඉන් අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කෙරුණේ, එරට මුදල් සහ ආරථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයායි.