මිද්දෙනිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනාගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අවසර ලබාදී තිබෙනවා.
අත්අඩංගුව ගත් සැකකරුවන්ගෙන් අදාළ සිද්ධිය පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති බව පොලීසිය අධිකරණයට දැන්වීමෙන් අනතුරුවයි මෙම අවසරය ලබාදී ඇත්තේ.
ඒ අනුව සැකකරුවන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට පොලීසියට අවසර ලබා දී තිබෙනවා.
ඉකුත් 18ව වන දින සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට ලක් වුණා.