27 C
Colombo
Thursday, July 4, 2024

පාසල් වෑන් රථ ගාස්තු ගැනත් තීරණයක්

- Advertisement -

පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරනවා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ සිය වාහන නඩත්තු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බැවින් මෙම ණය මුදල ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති පවසනවා.

ඔහු සඳහන් කළේ, දරුවන් ආරක්ෂිතව සහ සුවපහසුව නියමිත වේලාවට පාසලට රැගෙන යාමට තම සංගමය කටයුතු කරන බැවින් රජය මේ පිළිබඳ අවධානය යොමු කරනු ඇති බවයි.

සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේ, මිල සංශෝධනය අනුව පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දැමුවද සුදු ඩීසල් මිලෙහි වෙනසක් සිදුව නොමැති බැවින් ප්‍රවාහන ගාස්තු අඩු කළ නොහැකි බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දිනයක්

ව්‍යවසායකයෙකු සී.ඩී. ලෙනව මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ නිල කාලය...

පාසල් දරුවන් 6ක් ඇතුළු 9ක් රෝහලට යැවූ ලොරි අනතුර

මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ විරුද්ධ දිශාවට හැරවීමට යාමේදී නුගවෙල පාසල් හංදියේදී මාර්ගයේ ගමන්කරමින් සිටි පිරිසකගේ හැපී අනතුරක් සිදුව තිෙබනවා. ඊයේ (03) දහවල්...

කොටයක් අදින්න ආපු රනිල්ට තව කල් දෙන්න බැහැ – අනුර

ජනාධිපති ධුරයේ කොටයක් අදින්න ආපු රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත් ධුර කාලය දීර්ඝ කර ගැනීමට හැකියාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක...

POPULAR ARTICLES

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 3,690ක්. කිලෝ 5ක...

විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක

ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. දුරකථන දීමනාව ලබා නොදීම, විදුහල්පති දීමනාව සියලු ශ්‍රේණිධාරීන්ට ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල්...