28.8 C
Colombo
Monday, April 14, 2025

ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනාවලට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමට තීන්දුවක්

- Advertisement -

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් 53 ක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව මහින්ද සමයවර්ධන, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

මෙම පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට තර්ක කළා.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගන්නා බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරුවරු සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

ලොරි රථයක තිබී කිලෝ 100කට අධික මත්ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායට ඇතුළු වන දොරටුව ආසන්නයේ තිබූ රථයක තිබී බර කිලෝග්‍රෑම් 65 ග්‍රෑම් 720 ක් වන අයිස් මත් ද්‍රව්‍ය තොගයක්, බර කිලෝග්‍රෑම්...

විපක්ෂ නායකගේ අවුරුදු පණිවිඩය

අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම්...

වැටලීම්වලට සුරාබදු නිලධාරීන් 900ක්

නීති විරෝධී මත්පැන් වැටලීම් සඳහා සුරාබදු නිලධාරීන් 900කට ආසන්න පිරිසක් යොදවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අලුත් අවුරුදු සමයේ දිවයිනම පුරා සුරාබදු...

POPULAR ARTICLES

“ශ්‍රී ලාංකීය ජාතියට නැවුම් පරිවර්තනයක්” – අගමැතිනියගෙන් සුබ පැතුම්

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඇය පවසන්නේ,අපගේ ජීවිතයේ සෑම අංශයක්ම අලුත් කිරීම අත්‍යවශ්‍ය වන මොහොතක මෙවර අලුත්...

මාරියෝ වර්ගාස් යෝසා දිවියෙන් නික්මෙයි

නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභී පෙරුවියානු ස්පාඤ්ඤ සම්භවයක් සහිත ලේඛක මාරියෝ වර්ගාස් යෝසා දිවි සැරිය නිම කර තිබෙනවා. නවකතා 30ට අධික ප්‍රමාණයක් මෙන්ම නාට්‍ය කිහිපයක් රචනා කර...

ලොරි රථයක තිබී කිලෝ 100කට අධික මත්ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායට ඇතුළු වන දොරටුව ආසන්නයේ තිබූ රථයක තිබී බර කිලෝග්‍රෑම් 65 ග්‍රෑම් 720 ක් වන අයිස් මත් ද්‍රව්‍ය තොගයක්, බර කිලෝග්‍රෑම්...