ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
ඒ් අනුව මෙම මාසයේ දී 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල රු. 3565 ක් ලෙස නොවෙනස්ව පවත්වා ගෙන යාමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
උත්සව සමය සලකා බලා මෙම මස LP ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.