29 C
Colombo
Wednesday, January 8, 2025

රජයේ ආයතනවලින් ඉවතලන කඩදාසි ගැන තීරණයක්

- Advertisement -

රජයේ ආයතනවල ඉවතලන කඩදාසි වාලච්චේන කඩදාසි කම්හල වෙත භාරදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉවතලන කඩදාසි තොග අත්‍යවශ්‍ය වන බවයි සඳහන් වන්නේ .

ඒ සඳහා රජයේ ආයතනවල ඉවතලන කඩදාසි ලබාදීමෙන් ප්‍රමාණවත් සහ අඛණ්ඩ අමුද්‍රව්‍ය සැපයුමක් සිදුවන බව නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව, රජයේ මුද්‍රණාලය , රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව , මැතිවරණ කොමිෂන් සභාව , අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ වන ආයතන ,  විශ්වවිද්‍යාල , රජයේ සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තතු වලින් බැහැර කෙරෙන කඩදාසි තොග මේ සඳහා ලබා ගැනීමට නියමිතයි.

ඒ අදාළ ප්‍රවාහන පහසුකම් සැපයීම කඩදාසි සමාගම මගින් සිදුකිරීමේ පදනම මතයි.

එමෙන්ම, අනෙකුත් රාජ්‍ය සංස්ථා , මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සහ රජයට අනුබද්ධ ආයතනවල ඉවතලන කඩදාසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ජාතික කඩදාසි සමාගම වෙත සහනදායී මිලකට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

RECENT ARTICLES - SINHALA

විල්පත්තුවෙන් මියගිය ඩොල්ෆින් මසුන්ගේ සිරුරු හමුවෙලා

මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා ඇති බවට මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් මත...

දුම්රිය වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදය සහ තවත් ගැටලු කිහිපයක් මූලික කරගනිමින්, ඊට අදාළ විසඳුම් ඉදිරි දින 14 ඇතුළත ලබා නොදෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය...

ආදයම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් ගැන තීරණයක්

2024 මහ මැතිවරණය හා අනුගත මැතිවරණයන්හි ආදයම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා....

POPULAR ARTICLES