28 C
Colombo
Thursday, September 19, 2024

අරගලය සමයේ මෙරට රැඳී සිටි විදෙස් කාන්තාව ගැන තීරණයක්

- Advertisement -

ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලය පැවති සමයේ මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ‘කෙලිග් ෆ්‍රේසර්’ නමැත්තියගේ වීසා අවලංගු කොට ඇයට රටින් පිට විය යුතු යැයි ආගමන හා විගමන පාලකවරයා විසින් නිකුත් කරනු ලැබූ නියෝගය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ කාන්තාවගේ නීතිඥවරුන් මාර්ගයෙන් ගොනු කළ පෙත්සම නිශ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාකරණ විනිසුරු මඬුල්ල රුපියල් 250,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසට පෙත්සම්කාරියට නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මහින්ද සමයවර්ධන, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිත ව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා.

නේවාසික වීසා මත මෙරට රැඳී සිටි තමන්ට නිකුත් කර තිබූ වීසා බලපත්‍ර අවලංගු කළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් 2022 වසරේ අගෝස්තු මස 15 වැනි දාට පෙර රටින් පිට වන ලෙස තමාට නියෝග කළ බව පෙත්සම්කාරිය අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමේ සඳහන්.

ඉන් අනතුරුව පෙත්සම්කාරිය විසින් ආගමන හා විගමන පාලකවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින්  අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳ සලකා බැලීමක් සිදු කළ අභියාචනාධිකරණය එය නිෂ්ප්‍රභ කළ බවත් ඇය සඳහන් කරනවා.

ඉන් අනතුරු ව අභියාචනාධිකරණයේ එම නියෝගය නීතියට පටහැනි බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ඇය සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කර තිබුණා.

එම අභියාචනා පෙත්සම් විභාගයේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය විසින් මූලික විරෝධතා මතු කරමින් අදාළ අභියාචනා පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් පෙත්සම්කාරිය සාවද්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඇය විසින් ඉදිරිපත් කර තිබෙන දිවුරුම් පෙත්සම නීතියට අනුකූල ව ඉදිරිපත් කර නොමැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මතු කළ මූලික විරෝධතාවලින් කරුණු දක්වා තිබුණා.

ඒ අනුව, එම මූලික විරෝධතා පිළිබඳ දීර්ඝ විභාගයක් සිදු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා පිළිගනිමින් අදාළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙම

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක්...

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් ජාතික රෝහලට

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී එම ධීවරයාව මෙලෙස මාළුවකු...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...