26.4 C
Colombo
Friday, March 14, 2025

ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සාමාන්‍ය රාජකාරිවලට යෙදවීමේ තීරණයක්

- Advertisement -

ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන්, සාමාන්‍ය රාජකාරී සඳහා අනුයුක්ත කරන බව, වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

ඊයේ(28) පස්වරුවේ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට මහනුවරට පැමිණි අවස්ථාවේදී ඔහු ඒ බව සඳහන් කළා.

මේ වන විට පොලිස් නිලධාරීන්ගේ හිඟයක් ඇති බවත්, ඒ හිඟයට විකල්ප පිළිතුරක් ලෙස වෙනත් රාජකාරිවල යොදවා සිටි නිලධාරීන්  අවශ්‍යතාවය මත මහජන සේවය නිසි ආකාරව ඉටුකිරීම සඳහා යොදවාගන්න බවත් වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී පවසා සිටියා.

ඔවුන්ගෙන් පිරිසක් විශේෂයෙන් අපරාධ වැළැක්වීම සඳහා යොදාගැනිමට කටයුතු කරන බවද ප්‍රියන්ත වීරසූරිය මහතා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම, පසුගිය සමයේ ක්‍රියාත්මක වු ‘යුක්තිය’  මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ, එම මෙහෙයුම ක්‍රියාත්මක වීමේ සිදුවුණ අඩුපාඩු නිවැරදි කරමින් පොලීසියට අණපනත්වලින් ලැබී ඇති බලතල අනුව පොලීසිය මෙහෙයුම් කටයුතු ඉදිරියේදී  නොනවත්ව සිදුකරන බවයි.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.