31 C
Colombo
Friday, October 18, 2024

සුනාමි ගෙවල් 500ක් වසර 14කට පසු භාරදෙන්න තීරණයක්

- Advertisement -

සුනාමි ව්‍යසනය හේතුවෙන් නිවාස අහිමිව අවතැන්වූ පවුල් 500ක් වෙනුවෙන් ඉදිකරන ලද නිවාස 500ක් වසර 14කට පසුව ප්‍රතිලාභීන් වෙත පවරාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා.

2009 වසරේදී සවුදි අරාබියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක කරන ලද මෙම නිවාස ව්‍යාපෘතියෙන් අම්පාර නොරොච්චෝල ප්‍රදේශයේ නිවාස 500ක් ඉදි කර තිබුණත් ඒවා ප්‍රතිලාභීන් වෙත භාර දීමට කටයුතු කර නැහැ.

පසුගියදා ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති කාලිඩ් හමූඩ් අල් කටානි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස කඩිනමින් එම නිවාස ජනතාව වෙත පවරා දීමට තීරණය කෙරුණා.

පසුගිය 2011 වසරේ ජූනි මාසයේදී මෙම නිවාස ව්‍යාපෘතිය අවසන් කර තිබෙන අතර එවකට ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති අබ්දුල් අසීස් අල් ජම්මාස් මහතා විසින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම නිවාස ව්‍යාපෘතිය නිල වශයෙන් භාර දී තිබුණා

නමුත් අධිකරණ තීන්දුවකට අනුව එය ප්‍රතිලාභීන් වෙත භාරදීම අත්හිටුවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

නිවාස 500කින් සමන්විත මෙම ව්‍යාපෘතියට පාසලක්, සුපිරි වෙළෙඳ සංකීර්ණයක්, රෝහලක්, පල්ලියක් ඇතුළු අංග රැසක් අයත් වන අතර සමස්තයක් වශයෙන් ගත් කල එය ගම්මානයක් බව ද මෙය කඩිනමින් ප්‍රතිලාභීන් වෙත බෙදාදීම සවුදි අරාබියාවේ අපේක්ෂාව බවද සවුදි අරාබියානු තානාපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසනවා.

අදාළ අධිකරණ තීන්දුවෙන් පසුව මේ දක්වා විවිධ ආණ්ඩු සහ විවිධ රාජ්‍ය නායකයන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ අතර පසුගියදා සවුදි අරාබියානු තානාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මෙම නිවාස ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව එය කඩිනමින් ප්‍රතිලාභීන් වෙත බෙදාදීමට තීරණය කර තිබෙනවා.(දිනමිණ)

RECENT ARTICLES - SINHALA

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව තවත් පෙත්සමක්

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින්...

අලුත් ආණ්ඩුවක් ආපු ගමන් හොඳ රටක් බිහි වෙන්නේ නැහැ – ලාල් කාන්ත

මේ රට විනාශ වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයද වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ‘දිනමිණ’ වෙත...

නියමු කුටියේ දොර වැසීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා ඉල්ලා අස්වෙලා

සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා සේවයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා. පසුගිය...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...