24 C
Colombo
Sunday, January 5, 2025

ඩෙල්ටා ආසාදිතයෙකු සිය ගුණයක් වැඩියෙන් වෛරසය වාතයට එක් කරනවා

- Advertisement -

ඇල්ෆා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙක්ට වඩා ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු විසින් සිය ගුණයකින් පමණ ඉහළ වෛරස ප්‍රමාණයක් වාතයට එක් කරන බව මෙරට සෞඛ්‍ය අංශ පවසනවා.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ශරීරගතවීමෙන් අනතුරුව දින දෙකක් පමණ ඇතුලත ඉතා විශාල වෛරස ප්‍රමාණයක් ජනනය කරන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසන්නේ.

මේ අතර, මෙරටින් නව කොවිඩ් වෛරස ප්‍රභේදයක්ැතිවිය හැකි බව ඖෂධ සහ සෞඛ්‍ය සම්බන්ධ ජාත්‍යන්තර උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා පවසනවා.

දේශය පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ අගෝස්තු මස අග හෝ සැප්තැම්බර් මාසය පමණ වන විට මෙම ප්‍රභේදයේ ව්‍යාප්තිය ඇරඹෙනු ඇති බවයි.

එමෙන්ම, ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන නිසා මෙරට තුළින් නව වෛරස් ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව ඇති බවත් එය පවතින වෛරසය අභිබවා යාමට සමත් වනු ඇති බවටත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියද අනතුරු ඇඟවූ බව එම පුවත්පත වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES