චීනයෙන් ඩීසල් තොගයක් මේ මාස අවසානයේ දියවයිනට ලැබීමට නියමිතව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අබුඩාබියේ බලශක්ති සමුළුවකට එක්වෙමිනුයි.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුධ හමුවේ කිසිම සහයක් ලැබී ඇත්දැයි නැගු පැනයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මාස දහයක ඉතා තීරණාත්මක කාලයක් ශ්‍රී ලංකාව ගත කළ බවත් ඒ හේතුවෙන් බලශක්ති ක්ෂේත්රයේ අර්බුධයක් හටගත් බවයි.