30 C
Colombo
Wednesday, January 8, 2025

රෝග ව්‍යාප්තිය ගැන වෙනස් වු අනාවරණයක්

- Advertisement -

විවිධ ලෙඩ රෝග පැතිරීම ඉතාමත් පහසුවෙන් සහ වේගවත්ව සිදුවන්නේ මීයන් සහ වවුලන්ගෙන් බවට කාලාන්තරයක් පුරා තිබූ මතය වෙනස් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකට හැකිව තිබෙනවා.

එම පර්යේෂණයට අනුව හෙළි වී ඇත්තේ මෙම සත්තුන්ට වඩා මිනිසාගෙන් රෝග සම්ප්‍රේෂණය ඉතා වේගයෙන් සිදු වන බවයි.

එංගලන්තයේ University College London හි පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකළ එම පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ සතුන්ට වඩා දෙගුණයක් වේගයෙන් මිනිසාගෙන් වෛරසයක් සම්ප්‍රේෂණය විය හැකි බවයි.

ඔවුන් සිදුකළ වෛරස් විශ්ලේෂණ අනුව බොහෝ අවස්ථාවන්හිදී එනම් 64% ක දී පමණ වෛරස් මිනිසුන්ගෙන් වෙනත් සතුන්ට සම්ප්‍රේෂණය වී ඇති බව සොයාගෙන තිබෙනවා.

එමෙන්ම මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් ද රෝග පැතිරීමට දායක වන බව ඔවුන් පවසනවා.

ඔවුන් පෙන්වා දී තිබෙන්නේ සතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම, පරිසර දූෂණය වැනි අහිතකර ක්‍රියාවන් හේතුවෙන් වේගයෙන් මිනිසාගෙන් විවිධ ලෙඩ රෝග සතුන්ට සම්ප්‍රේෂණය විය හැකි බවයි.

මෙම තත්ත්වය මිනිසාට මෙන්ම සතුන්ටද තර්ජනයක් වන බව පර්යේෂණ කණ්ඩායම පවසනවා

ව්‍යාප්ත වන වෛරස නව ධාරකයා තුළ පරිණාමය විය හැකි අතර ඒ අනුව මිනිසාගෙන් සතුන්ටත්, සතුන්ගෙන් නැවතත් මිනිසුන් වෙතටත් පැතිරීම සිදුවිය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා.

පර්යේක්ෂකයින් පවසන්නේ එය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් විශේෂයන්ට දිගින් දිගටම තර්ජනයක් විය හැකි බවයි.

සතුන් සහ මිනිසුන් අතර වෛරස් සම්ප්‍රේෂණය වීම පිළිබඳව සමීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම මගින්, අපට වෛරස් පරිණාමය වන අයුරු වඩා හොඳින් අවබෝධ කර ගත හැකි වන අතර, අනාගතයේදී නව රෝග පැතිරීම් සහ වසංගත සඳහා වඩාත් සූදානම් විය හැකිය බව එම පර්යේක්ෂකයින් පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආපහු සිලින්ඩරයෙන් තරඟ කරන්නේ නැහැ – රෝහිත

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සිලින්ඩරය ලකුණෙන් තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...

බස් මොඩ් කරන්නේ ක්ලබ් යන්න බැරි අයට (වීඩියෝ)

බස්වල අමතර උපාංග ඉවත් කිරිම පිළබඳව අප්‍රසාදය පළ කිරිම සඳහා සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානය නමින් හඳුන්වන පෞද්ගලික බස් හිමියන් පිරිසක් ඊයේ (07)...

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ...

POPULAR ARTICLES

ටිබේටයේ භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ හටගත් රික්ටර් මාපාංකයේ ඒකක හතයි දශම එකක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් තිබෙනවා....

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පාකිස්ථානයේදී අභිරහස් ලෙස මරුට

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ මළ සිරුරක් පාකිස්ථානයේ මහල් නිවාස‍යක තිබී හමුවු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය පවසද පරිදි, පාකිස්ථානයේ ජර්මානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරයා...

ආපහු සිලින්ඩරයෙන් තරඟ කරන්නේ නැහැ – රෝහිත

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සිලින්ඩරය ලකුණෙන් තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...